මහා මැතිවරණ හා හේන වංශය/Caste & Politics in Sri Lanka 01


මහා මැතිවරණ හා හේන වංශය
මහා මැතිවරණය තවත් නොබො දිනකින්ම පැමිණෙනු ඇත. 1931 සර්වජන ඡන්දය ලංකාවට හඳුන්වාදුන් පසු එය රටේ විධායකය හා ව්යවස්ථාදයකයට නියොජිතයන් තොරා ගැනීමේ එකායන ක්රමවේදය බවට පත්වී තිබෙන්නේය. 1972 සහ 1978 නව ආණ්ඩුක්රම ව්යවස්ථා හඳුන්වා දීමත්, ව්යවස්ථා සංශෝධන 19ක් ගෙන ඒමෙන් පසුවත් රටේ ඡන්දදායකයන්ගේ සුබසිද්ධිය මෙවායින් නොසැලසී ඇති බව තවමත් චෝදනා නැගෙනු අසන්නට ලැබෙන්නේය. දකුණේ  සිංහල පලාත්වල දෙවතාවකට වඩා පැතිරී ගිය තරුණ ප්රචන්ඩත්වය මෙන්ම උතුරේ දිගුකාළීන  බෙදුම්වාදී යුද්ධයේද මූල් ඇත්තේ මේ අසම්පූර්ණ ව්යවස්ථාව තුල බවට සැකසංකා පැතිරෙන්නේය. මෙහිදී අපේ අවධානය වඩාත් යොමුවන්නේ නියෝජිත ප්රජාත්නත්රවාදය තුල ලැබෙන ප්රධාන අයිතිවාඅසිකමක් වූ තමන්ගේ නියෝජිතයන් තොරා යැවීමේ අයිතිය අහිමිවෙන ජන හා සමාජ කන්ඩායම් වෙතටය.
මේ විමසුමේදී අපට පවත්නා ව්යවස්ථාමය සීමාවන් තුල තමන්ට නියෝජිතයන් පත් කරගැනීමට නොහැකි  ජන හා සමාජ කන්ඩායම් ජන වර්ග හැටියටත්, ආගමික හා කුල කන්ඩායම් හැටියටත් හමුවන්නේය. අප සතු තරු පහේ ප්රජාතන්ත්රවාදය කලතා පෙරා තැනූ මේ වර්තමාන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මේ අසමත්භාවය හා අසාර්ථකභාවය ගැන මහජන අවධානයක් අති ක්රීමට හොඳම වෙලාව මේ මහා මැතිවරණ බව අපගේ විශ්වාසයයි. අනුව ජන කන්ඩායම් හා සමාජ කණ්ඩායම් වල  මත හා විවේචන මතු කිරීමට අපි කල්පනා කලෙමු.  
මේ වෙනුවෙන් පාර්ලිමෙන්තු නියෝජනයක් නැති හේන වංශය හෙවත් රජක වංශයෙන් නැගෙන මත හා විවේචනවලට පලමුව හැරෙමු.
හේන වංශය හෙවත් රජකවරු යනු ලංකාවේ ජනගහනයෙන් දශමයකටත් අඩු කුඩා කුල කණ්ඩායමකි. ඔවුහු පවුල් අතලොස්සකට සීමා වෙමින් ලංකාවේ සෑම ගම්මානයකම සමාජිකයන් වී සිටිති. නමුත් පුදුමයකට මෙන් ඔවුන් විශාල සමාජ කණ්ඩායමක් හැටියට එකම එක දිස්ත්රික්කයක ගොනු වී සිටිනු අපට දකින්නට ලැබෙන්නේය. හම්බන්තොට දිස්ත්රික්කයයි. ලංකාව පුරා ගම්මනවල දී පවුල් කීපයකට සීමා වෙන හේන වංශිකයන් හම්බන්තොට දිසාවට අයත් අම්බලන්තොට හම්බන්තොට හා තිස්සමහාරාම ප්රාදේශීය සභා බල ප්රදේශ තුල දී විශාල ගම්මාන හැටියට පදිංචිවී සිටීම තරමක අහම්භයකි. එහෙත් ඔවුන් සතු පුරාණ කතා හා ජනප්රවාද ඔස්සේ ගමන ගනිද්දී ඔබට  ගැන  විමතියක් ඇති නොකරයි.
වලවේ ගංගාවේ දකුණු  ඉවුර පුරා ඇති හේන වංශික ගම්මානවල පුරාණ කතා මේ සමාජ කණ්ඩායමේ අතීතය ක්රිස්තු  වර්ෂයෙන් පලමු සියවස දක්වා ඈතට ගමන් කරයි මහාවංශයේ සඳහන් නොවෙන සෙසු සාහිත්යයේ  සඳහන් වෙන බොහෝ ජන ඇදහිලි හා විශ්වාසයන් අපට තහවුරු වන්නේ ජනකතා හා ජනශෘති ඇසුරේය. ගජබා රජතුමා ක්රිස්තු වර්ෂයෙන් දෙවැනි සියවසෙ දී දකුණු ඉංදියාවෙන් ගෙනෙන පත්තිනි ඇදහීම හා හා බැඳුණු පුජාභාන්ඩ කතා සියල්ලම අපට හමුවෙන්නේ ගජබා පුවත, අංකොට හටන හා පැරකුම්බා සිරිත යන කාව් හා සාහිත්ය නිර්මාන ඇසුරෙන්ය.

 වංකනාසික තිස්ස කුමරු සහ " අප්පුවා"
වංකනාසික තිස්ස හෙවත් වක් වූ නහයක් තිබූ රජතුමා ප්රකට මහාවාරිකරු වසභ රජුගේ පුත්රයාය. වංකනාසික තිස්ස කුමරු තරුණ කාලයේ  බලවත්වු අර්ශස් රෝගයකට ප්රතිකාර ගැනීමට රහසිගතව  රුහුණු මාගමටය උඩමලල ගමේ කීර්තිමත් හේන වංශික වෙද ගෙදරකට යැවෙන්නේය. අප්පුවා නමින් වෙදගෙදර සහායෙක් හැටියට එහිම නැවතී වංකනාසික තිස්ස කුමරු ප්රතිකාර ලැබීමට පටන් ගන්නේය. මේ වෙදගෙදර රංමැණිකා හා කළුමැණිකා නමින් දියණියෝ දෙදෙනෙක් විසූහ. එයින් අප්පුවා නමින් වෙස් වලාගත් රෝගී කුමරුට වඩාත් කරුණාව දැක් වූයේ බාල රංමැණිකාය. වැඩිමලා කළුමැණිකාගේ කරුණාවක් කුමරුට නොලැබුනේය.
දිනක් මේ තරුණ වෙද දූවරුන් දෙදෙනා සමඟ දිය නෑමට මලල ආරට ගිය කුමරුට තරුණියන් දෙදෙනාට පෙර දිය නෑමට අවසර නොලැබුනේය. "අප්පුවාට' අපට පෙර ගඟේ දිය නෑමට ඉඩ දිය නෑමට ඉඩ දිය නොහැකියයි කුලමානයෙන් දැපුණු වැඩිමහල් කළු මැණිකා දැඩිව කියා සිටියාය. එහෙත් බාල රංමැණිකා ඔවුන්ට කලින් "අප්පු අයියාට" නෑමට අවසර අරන් දීමටකොතෙක් පෙරැත්ත කලත් අක්කාගේ හිත වෙනස් කිරීමට අසමත් වූවාය. මේනිසා [අප්පුවා නමින් රෝගී වෙස් ගත් වංකනාසික තිස්ස කුමරුට හැකි ඉක්මනින් තමන් කවුදැය් උඩ මලලේ වෙද පවුලට පෙන්වීමට වුවමනා විය. මේ ආසන්න දිනෙක වෙදනින්ද ගමේ සීසෑමකට ගොස් වෙහෙසි පැමිණි " අප්පුවා" හැන්දැවේ පිලෙ මැස්සේ ඇලවී සිටිද්දී අපුරු සීහනයක් දුටුවේය. ඔහු සී සෑ නඟුලේ මීයක් බැඳ තිබෙනු දැකීමය.
" අප්පුවා" තමා දුටු සිහිනය  නිවැසියන්ට විස්තර කලේය.  වෙදකම මෙන්ම නැකැත්කීම ද දත් උඩමලලේ වෙදැදුරා පලමුව අප්පුවාට හීන පලපල කීවේය. අනතුරුව එහි හොඳ නරක තෙරුම් කලේය.
'අප්පුවා, පුරණ චාරිත්‍ර අනුව, නඟුලේ මීයක් බඳිනා කියන්නේ හීන දුටු උන්දැ නුදුරේම රජවෙන බව දැනුම් දීම. ඉතින් උඹ රජ පෙලපතක නොවෙන රජකම අහිමි කුමාරයෙක් නොවෙන නිසා මේ හීනේ අනික් පැත්ත තමයි වෙන්න තියෙන්නේ. උඹට මහා අපල කාලයක් උදා වෙන්නේ. සමහරවිට මේ අර්ශස් රෝගය වැඩිවෙල උඹ මැරෙන්නත් බැරි නෑ. ඒ නිසා උඹ පරෙස්සම් වෙන එක ඇඟට වැඩිය ගුණායි.'
අප්පුවා දුටු සිහිනය අනුවම යමින් පසුදාම අනුරාධපුරයෙන් රහස් රාජ පුරුෂයෙක් උඩ මලල ගමට ආවේය. වසභ පියරජතුමා රෝගී වී සිටින  දැනුම් දුන්නේය. නිසා රාජ්‍ය විචාරීමට වහාම වංකනාසික තිස්ස කුමරුට අනුරාධපුරයට එන්නැයි දැනුම් දුන්නේය. කුමරු උඩමලල වෙදාණන් ගෙන්ද පවුලේ සමාජිකයන්ගෙන්ද විශේෂයෙන් රංමැණිකාගෙන් ද සමුගෙන රහස් රාජපුරුෂයා සමඟ පිටත් වුනේය. අතරමඟ රැඳි සිටි සෙසු රාජපුරුෂයන් හමුවීමෙන් පසු ඔවුහු අනුරාධපුරය බලා පිටත් වූහ.
 ගජබා කුමරු සහ  නීල මහා යෝධයා

වසභ රජතුමා වංකනාසික තිස්ස කුමරුට යුවරාජ තනතුර සමඟ රාජ්‍ය විචාරීම ද පැවරුවේය. වහාම සුදුසු කුමරියක් ද කුමරුගේ සරණබන්ධනයට සෙව්වේය.වංකනාසික තිස්ස කුමරු සරණ බන්ධනයට තොරා ගත්තේ උඩමලල ගමේ හේන වංශික වෙදදුරුගේ බාල දියණියයි. නමුත් වෙදගෙදර වැඩිමහල් දියණිය කළුමැණිකා ද අන්තංපුරයට ගැනීමට වංකනාසික තිස්ස යුවරජු අමතක නොකලේය.
රජුට රන්දෝලි බිසව වූ රන්මැණිකාට ලැබුණු රජ කුමරු ගජබා නමින් වූයේය. යකඩදෝලියට ගිය කළුමැණිකාට ලැබුණු පුතා නීලා ය.  ලංකා ඉතිහාසයේ ජනප්‍රවාද ගත ප්‍රකටම යෝධයාය.  වසභ රජුගේ හතලිශතර අවුරුදු රාජ්‍ය විචාරීම අවසානයේ  වංකනාසික තිස්ස රජ වුණේය. එතුමා යුව රජ තනතුර ගජබා කුමරුට දී යකඩ දෝලියෙන් උපන් නීල මහා යෝධයාට රුහුණේ දොලොස්දාස් රට නිල්වලා නදියේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ භූමිය] නින්දගම් කර දුන්නේය. 
මිටි ශරීරයක් හිමි නමුත් මනා බාහුබලයෙන් යුත් නීල මහ යෝධයා නොයෙක් සපන්කම් පාමින් රුහුනේ වාසය කලේය.
රාත්‍රියේ වෙස්වලාගෙන රට පුරා යමින් රජ්‍ය පාලනයේ  තතු විචාරන ගජබා රජුට පුතා අහිමිවූ මහළු මවගේ විලාපය ඇසෙන්නේ මෙබඳු රාත්‍රි නුවර සංචාරයක දීය. පිය රජතුමා රාජ්‍ය කරන සමයේ චොල සොලී රජෙක් රජරටට කඩා වැදී 12000ක් තරුණ සිංහල සෙනඟ පැහැරගෙන කාවේරි නදියේ ඉතිකිරීම් සඳහා වහලුන් ලෙස ගෙන ගිය බව දැන ගන්නේ මේ මවගේ රාත්‍රීයේ විලාපයට හේතු විචාරීමෙන්ය.
ඒ අනුව රුහුණට සිටි සවකීය අර්ධ සොහොයුරා වූ නීල ද ඔහුගේ ප්‍රකට යගදාව සමඟ ගෙන්වා ගන්නේය. ලංකාවෙන් පැහැරගත් සිංහල සිරකරුවන් ගෙන ඒමට මන්නාරමෙන් සොලී දේශයට යාමට පිටත් වන්නේ ගජබා හා නීල යන මේ සහෝදරයන් දෙදෙනා පමණි.

ජනප්‍රවාදය අනුව සොලී රජුගේ රජ වාසලේදී තම රටේ සිරකරුවන් ඉල්ලා ගජබා රජු කල ඉල්ලිම බාර ගැනෙන්නේ, යගදාව මිරිකා වැලි හා ජලය ගැනීම තරම් දුෂ්කර ක්‍රියවක් හැටියටටය. නමුත් ඒ වෙලේම යගදාව මිරිකා වැලි හා වතුර පෙන්වූ නිසා ලංකාවෙන් ගෙන ගිය දොලොස් දහස වෙනුවට විසිහතර දගසක් සිරකරුවන් ගජබා රජුට ලැබෙන්නේය. පෙරලා විසි හතර දහසක් සෙනඟ ස්මඟ ජයග්‍රාහීව එන  ගජබාහුට හා නීල දෙදෙනාට  පඬි රටේ  රජුගේ පත්තිනි පූජාවලට සහභාගී වීමේට ඇරයුමක් ලැබෙන්නේය. මේ පත්තිනි පුජා අවසන් කර එන්නට පිටත් වෙද්දී ඔවුන් දෙදෙනාට පත්තිනි සලබක් ඇතුළු වෙනත් සළු පුජා භාන්ඩ පඳි රජුගේ ත්‍යාගයක් ලෙස හිමිවන්නේය. මේ සෙනඟ ද පුජා භාන්ඩද රැගෙන රුහුණු මාගම ගොඩවාය වරායෙන් ලංකාවට ගොඩ බසින මේ රාජකීය දෙසොහොයුරෝ මේ පත්තිනි පුජා භාන්ඩ තැන්පත් කරන්නේ ද්දෙනාගේම මව්වරුන්ගේ උපන් භූමිය වූ උඩ මලල ගම්වරයේ කැලිගම කෝවිල් ගොඩානේ ඉදිකල පත්තිනි දේවාලයේය.
පත්තිනි සලඹ හා හේන වංශික කපු පරපුර
මේ පත්තිනි දෙවතාවිය ඇදහීම භාර ගැනීමට හෝ එයට උපකාර කිරීමට  එවකට රටේ බලවත් වූ මහවිහාරය හා අභයගිරි උභය විහාර  තරයේම ප්‍රතික්ෂෙප කල නිසා පුජකත්වය හෙවත් කපු තනතුරු සඳහා රජක කුලයට පහල දමා සිටි උඩමලල ගම බ්‍රාහ්මන වංශිකයන්ට පැවරුනේය. රැගෙන ආ දොලොස් දහසක් සිංහල සිරකරුවෝ ඔවුන්ගේ පවුල්වලට නැවත භාර දුන්හ. සිරකරුවන් හැටියට ගෙනා සොලීන් දොලොස් දහස රටේ නොයෙක් ගම්වල පදිංචි කෙරුණේය. නීල මහා යෝධයාගේ ප්‍රසිද්ධිය හා විශ්වකර්ම ගොවිතැන කර්මාන්තය නිසා රටේ නොයෙක් පලාත්වල සිටි හේන වංශිකයෝ වලවේ ගංගාවේ දකුණු ඉවුරේ පිහිටි රිදීගම, බඳගිරිය, බුන්දල සහ වීරවිල ගම්මානවල පදිංචි වූහ.
මේ පුරාණ කතාවට බොහෝ තොරතුරු සැපයෙන්නේ, ගජබා පුවත, අංකොට හටන [ගද් හා පද්] පත්තිනි හෑල්ල හා පැරකුම්බාසිරිත යන ගැදි පැදි සාහිත්යයෙනි. නමුත් මහා වංශයේ කොතැනකවත් ගජබා රජුගේ හෝ නීල මහා යෝධයාගේ ඉංදියානු සංචාරයක් ගැන සඳහනක් නැත. පැරකුම්බා සිරිතේ එබඳු සඳහනක් ඇතත් නීලමහා යෝධයා සමඟ ගිය බවක් නොකියවේ. එහෙත් මහාවංශය වසභ රජුගේ විවාහය හා වංකනාසික කුමරුගේ අසම්මත විවාහ දෙක හොඳින් විස්තර කර ඇත. මහාවංශයට අනුව වසභ රජතුමා අගබිසව  කර ගන්නේ  තමාට ජීවිතාරක්ෂාව දුන් සවකීය මාමගේ බිරිඳ වූ මෙත්තා නම් නැන්දනියයි. රජතුමා සිය පුත් වංකනාසික තිස්ස කුමරුට විවාහ කර දෙන්නේ ඔහු විසින්ම මරා දැමූ සුභ රජුගේ උළුවඩු ගෙදර හැදුණු වැඩුණු දියණිය වූ මහා මාත්රා කුමරියයි. 
මේ මහාවංශ විස්තරය හා ගැදිපැදි සාහිත්ය විස්තර වලවේ නිම්නයේ පුරාන ජනප්රවාද එකට තැබීමේදී වලවේ ගං ඉවුරේ නිශ්චිත ප්රදේශයක හේන වංශිකයන් විශාල වශයෙන් ප්රවේනියෙන් ජිවත් වීමේ ඓතිහාසික හේතු සොයා ගැනීමට පුළුවනි. සිංහල රාජාංඩු යටතේ රාජ් විරෝධීන්ට ලැබුණු එක් බරපතල දඬුවමක් වූයේ කුලයෙන් පහත දැමීමය. මේ දන්ඬුවම මහනුවර උඩරට රාජධානියේ අවසානය තෙක්ම පැවතුනේය. කාලිංග මාඝ වැනි  ආක්රමනිකයෝ තමන්ට සතුරු වූ සිංහල කුලීනයන් බලාත්කාරයෙන් කුල දුෂණයේ යොදවමින් සෙසු කුල සමඟ මිශ් කල බව පුජාවලිය කියයි. මේ කරුණු කාරනා විභාග කරද්දී අපට හේන වංශික ජනයා මාගම්පත්තුවේදී පැතිරුණු භූමියක දී විශාල කුල කන්ඩායමක් හැටියට රැස්වී සිටීමේ හේතුවලට අදාල ඉඟි සොයා ගැනීමට පුළුවන. නමුත් මේ ලිපියේ අරමුණ හේන වංශයේ කුල ඉතිහාසය තහවුරු කිරීම වෙනුවට ඔවුන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට යැවීමය..!
අප ඉදිරී කාලයේ දී වාර්තා කිරීමට නියමිත හේන වංශයම බඳු පාර්ලිමේන්තු නියෝජනය අහිමි විශ්ව බ්රාහ්මණ වංශය [ නවන්දන්නා], සුණ්නක්කාර වංශය[හුණු], කින්නර වංශය, ඔළී වංශය, ගාඩි වංශය ඇතුළු සෙසු සිංහල හා දෙමළ කුල [වංශ] සඳහා මේ මාගම්පත්තුවේ අත්දැකීම වැදගත්ය.යම් දිස්ත්රික්කයක දී මංත්රිවරයෙක් තොරා පත්කර යැවීමට වුවමනා ඡ්නද මේ කුළීනයන් සතු වූවත් ඔවුන්ට පුත්ගල හා පක්ෂ සාධක ඉස්මතුවූ විට ඡ්න්ද බෙදී යාම නිසා පාර්ලිමෙන්තු නියෝජනය අහිමි වන්නේය. රටේ දැන ක්රියාත්මක වෙන ව්යවස්ථාවෙන් ජාතික ලැයිස්තුවෙන් මංත්රිවරුන් පත් කිරීමේ හැකියාවක් පක්ෂ වලට ඉඩ තිබුනත් එබඳු පත් කිරීම් වල දී මේ සුළුතර කුලයන් නියෝජනය වීමේ වැදගත් කම එවායේ නායකයන් නොදකින බවක් පෙනෙන්නට තිබේ.
මේ වෙනුවෙන් ලැබෙන පොදු ජනප්රිය පිලිතුර වන්නේ "මේ රටෙස් තවදුරටත් මැතිවරන වලදී කුල සාධකය ක්රියාත්මක නොවේ" යන්නය. මෙය උතුරේ, දකුනේ මෙන්ම කඳුකරයේ දි පවත්නා දේශපාලනයේ පවතින ගැඹුරු බෙදීම ප්රදර්ශනය නොකරයි. කඳුකරයේ සම්භවයක් ඇති තරුන තරුණියන් කී දහසක් බෙදුම්වාදී යුද්ධයේ දී මියගියේද නොදනා රටකට මේ කාරණා අදාල වන්නේ නැත. දැනට වන්නි, කිලිනොච්චි, මන්නාරම, ත්රිකුණාමලය හා මඩකලපුවල වෙසෙන වතුකරයේ සම්භවයක් සහිත ජනයා පාර්ලිමෙන්තුව නියෝජනය නොකිරීමේ අනතුර තේරුම් ගැනීමටනම් බ්රිගෙඩියර් බාල් රාජ් ඇතුළු එල්.ටී.ටී. නායකයන්ගේ ඉතිහාසය දැන ගත යුතුය. එතෙක් කිසිවෙකුටත් අප අවධාරනය කරන කරුණු කාරණා ගැන අවබෝධයක් නොලැබෙනු ඇත.
නන්දන වීරරත්න

Comments